ඉන්දියාවේ ප්‍රතිකා වසර 37ක වාර්තාවක් සමකරයි
ජාත්‍යන්තර එක්දින කාන්තා ක්‍රිකට් පිටියේ ලකුණු 1000 සීමාව වේගයෙන්ම පසුකළ ක්‍රීඩිකාවගේ වසර 37ක් පැරණි ලෝක වාර්තාව සම කිරීමට ඉන්දීය ආරම්භක පිතිකාරිනී ප්‍රතිකා රාවල් සමත් වූවාය.
එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව නවි මුම්බායි හි DY පටිල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ දී ලකුණු 122ක් රැස්කරමින් ඇය මෙම දස්කම දැක්වූවාය.
මෙම ඉනිමත් සමග ඇය ඉනිම් 23කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 1110ක් දක්වා ඉහළ ගියේය.
මෙහිදී ඇය සමකරනු ලැබුවේ මීට වසර 37කට ඔස්ට්‍රේලියාවේ ලින්ඩ්සේ රීලර් විසින් ඉනිම් 23කදී ලකුණු 1000 පසුකරමින් පිහිටුවා තිබූ වාර්තාවය.
මේ වනවිට 25 හැවිරිදි වියේ පසුවන ප්‍රතිකා 2024 වසරේ දී ජාත්‍යන්තර එක්දින වරම් දිනා ඇත.
ඇය ශතක 2ක් හා අර්ධ ශතක 07ක් රැස්කර ඇති අතර, පන්දු යැවීමෙන්ද කඩුලු 5ක්ද ඇය බිඳහෙලා තිබේ.


