2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධායක මණ්ඩලය ඊයේ (15) තීරණය කර ඇත.
ඒ අනුව ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලතම ක්‍රීඩා සැණකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකට දෙවන වරටත් සත්කාරකත්වය ලබාදීමට ඉන්දියවට අවස්ථාව හිමිවනු ඇත.
ලොව වඩාත්ම ජනාකීර්ණ රාජ්‍යය වන ඉන්දියාව අවසන්වරට 2010 වසරේ දී දිල්ලි නගරයේ සත්කාරකත්වය යටතේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් පවත්වා තිබුණි.
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ විශේෂත්වය වන්නේ එම වසරට ක්‍රීඩා උළෙලේ සියවස් සංවත්සරය යෙදී තිබීමය.
ඉන්දියාවට අමතරව නයිජීරියාවේ අබුජා නගරය ද 2030 සත්කාරකත්වය ලබාගැනීමට සූදානම්ව සිටියත්, පසුව ඔවුන් සිය තීරණය ඉවත්කර ගත්තේය.


