leadsportz

අභි­ෂේක් දිනූ මෝටර් රථය ඉන්දි­යා­වට ගෙන ඒම තහ­නම්

ආසි­යානු කුස­ලාන තර­ගා­ව­ලියේ වටි­නාම ක්‍රීඩ­කයා වෙනු­වෙන් ඉන්දි­යාවේ අභි­ෂේක් ෂර්මාට තිළිණ කළ ඉන්දීය රුපි­යල් ලක්ෂ 25ක් වටිනා (ශ්‍රී ලංකා රුපි­යල් ලක්ෂ 85ක්) හවාල් H9 SUV වර්ගයේ මෝටර් රථය ඉන්දි­යා­වට ගෙන ඒම තහ­නම් වී ඇත.

අභි­ෂේක්ට පිරි­නැමූ මෝටර් රථයේ සුක්කා­නම වම් පැත්තේ පිහිටා ඇති අතර, මෙය ඉන්දි­යානු නීති­ව­ලට අනුව නීති විරෝධී ය. ඉන්දි­යානු මෝටර් රථ­වල වාහ­නයේ දකුණු පැත්තේ සුක්කා­නම පිහිටා ඇති අතර, එවැනි රථ­ව­ලට පම­ණක් ඉන්දි­යානු මාර්ග­වල ධාව­නය කළ හැකිය.

වම් අත සුක්කා­න­මක් සහිත මෝටර් රථ­යක් ඉන්දි­යා­වට ගෙන­ඒම තහ­නම් වුවද, ආසි­යානු ක්‍රිකට් තර­ගා­ව­ලිය පැවති ඩුබායි ඇතුළු බොහෝ අරාබි රට­ව­ලත්, යුරෝ­පයේ බොහෝ රට­ව­ලත් ධාව­නය වන මෝටර් රථ­වල වම් පැත්තේ සුක්කා­නම පිහිටා ඇත. කෙසේ වුවද අභි­ෂේක්ට මෝටර් රථය තෑගි කළ සමා­ගම ලබන නොවැ­ම්බර් මාස­යේදී ඉන්දි­යා­වේදී තම නියෝ­ජිත සමා­ග­මක් පිහි­ටු­වී­මට අපේක්ෂා කිරී­මට නිය­මිත බව වාර්තා වේ. එම අව­ස්ථා­වේදී දකුණු පැත්තේ සුක්කා­නම සහිත හවාල් H9 SUV වර්ගයේ මෝටර් රථ ඉන්දි­යා­වට ගෙන එන අතර, අවශ්‍ය නම් අභි­ෂේක්ට මෝටර් රථ­යක් ලබා­දීමේ හැකි­යාව ඇතත් සමා­ගම තව­මත් ඒ ගැන කිසි­වක් සඳ­හන් කර නැත.

Scroll to Top