leadsportz

අමෙ­රි­කාවේ ක්‍රිකට් තහ­නම්

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය විසින් වහාම ක්‍රියා­ත්මක වන පරිදි අමෙ­රිකා එක්සත් ජන­පද ක්‍රිකට් සාමා­ජි­ක­ත්වය අත්හි­ටුවා තිබේ. පෙරේදා පැවති අයි­සීසී රැස්වී­ම­කදී මේ තීර­ණය ගෙන ඇත.
අයි­සීසී සාමා­ජි­ක­යකු ලෙස තම වග­කීම් නැවත නැව­තත් උල්ලං­ඝ­නය කිරීම සම්බ­න්ධ­යෙන් මේ පිය­වර ගෙන තිබේ. අයි­සී­සී­යට කාල­යක් තිස්සේ අමෙ­රිකා ක්‍රිකට් ආය­ත­නය පිළි­බ­ඳව පැමි­ණිලි රාශි­යක් ලැබෙ­මින් පැවති හෙයින් ඔවුන්ට අව­වාද කිරීම් කිහි­ප­යක්ම මෙයට පෙර සිදු කළේය.

මේ ක්‍රියාව 2028 ලොස් ඇන්ජ­ලීස් ඔලි­ම්පික් උලෙළේ ක්‍රිකට් තර­ග­ව­ලට බල­පෑ­මක් නොවන අතර, අමෙ­රිකා ක්‍රිකට් කණ්ඩා­යම ඉදිරි ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළට සහ­භාගි වන කණ්ඩා­යම් හයෙන් එකක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Scroll to Top