සනත්ගේ ආසියානු කුසලාන වාර්තාවක් බිඳ වැටෙයි
ආසියානු කුසලාන තරගාවලියකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා ලෙස සනත් ජයසූරිය පිහිටුවා තිබුණු වාර්තාව ඊයේ(24) පැවති ඉන්දියා – බංගලාදේශ තරගයේදී බිඳ වැටිණ.
ඒ ඉන්දීය ආරම්භ පිතිකරු අභිෂේක් ෂර්මාගේ පිත්තෙනි.
ඊයේ තරගයේදී ඔහු විසින් එල්ල කරන ලද හයේ පහර පහත් සමග මෙවර තරගාවලියේදී ඔහු එල්ල කළ මුළු හයේ පහර සංඛ්‍යාව 17 දක්වා ඉහළ නැංවිණ.
මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කී සනත් ජයසූරිය එල්ල කර තිබූ හයේ පහර සංඛ්‍යාව 14කි.


