leadsportz

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කාවෝ කලින්ම තර­ගා­ව­ලිය ජය ගනිති

සංචා­රක ඔස්ට්‍රේ­ලි­යානු අවු­රුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම සමඟ පැවැ­ත්වෙන තරග 5කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලිය වේලා­ස­නින්ම ජය ගැනී­මට සත්කා­රක ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ ක්‍රීඩි­කාවෝ ඊයේ සමත් වූහ.

දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ඊයේ පැවති තෙවැනි විස්සයි20 තර­ගය කඩුලු 6කින් ජය ගැනී­මට ශ්‍රී ලංකා පිල සමත් වූ අතර, ඒ සමඟ තරග දෙකක් ඉති­රිව තිබි­යදී 3-0ක් ලෙස තර­ගා­ව­ලියේ ජය තහ­වුරු කර ගැනී­මට ශ්‍රී ලංකා පිලට හැකි විය.

ඊයේ තර­ග­යට වර්ෂා­වෙන් බාධා වූ අතර, ඒ අනුව ඉනි­මක් ඕවර 16කට සීමා වූ තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් ඔස්ට්‍රේ­ලි­යානු පිල ලකුණු 100කින් නතර කළ ශ්‍රී ලංකා පිල පන්දු 5ක් ඉති­රිව තිබි­යදී ජය තහ­වුරු කර ගත්තේ කඩුලු 4ක් දැවී තිබි­ය­දීය.

Scroll to Top