ඉන්දියාව අවසන් සටනට සුදුසුකම් ලබයි
බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 41කික් පරාජය කර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් විය
සුපිරි 4 වටයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 169 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට රැස්කළ හැකිවූයේ පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 127ක් පමණි.
ඉන්දියාව ලැබූ මෙම ජයත් සමග ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඉතිරිව තිබියදීම ඔවුන්ට අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකිවිය. ශ්‍රී ලංකාව ඊයේ නිල වශයෙන්ම ඉවත් විය.
සුපිරි 4 වටයේ තරග අවසන් කරමින් බංග්ලාදේශ – පාකිස්තානය තරඟය අද (25) පැවැත්වේ.


