leadsportz

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කාවෝ පිට පිට දෙවැනි ජයත් ලබති

සංචා­රක ඔස්ට්‍රේ­ලි­යානු අවු­රුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩා­ය­මට එරෙ­හිව ඊයේ පැවති දෙවැනි විස්සයි20 තර­ගය ලකුණු 29කින් ජය ගැනී­මට ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම සමත් වූහ.

තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් පෙරේදා පැවති පළමු තර­ග­යෙන් ද ශ්‍රී ලංකා පිල ලකුණු 25ක ජයක් අත්කර ගෙන තිබූ අතර, මේ සමඟ තරග 5කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලිය 2-0ක් ලෙස පෙර­මුණ ගැනී­මට ශ්‍රී ලංකා ක්‍රීඩි­කාවෝ සමත් වූහ.

රංගිරි දඹුලු ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දෙමින් ශ්‍රී ලංකා පිල දුන් ලකුණු 139ක ඉල­ක්කය හමුවේ ඔස්ට්‍රේ­ලි­යානු පිලට ඕවර 20 අව­සා­නයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 109ක් පමණි.

ශිලෝ ජුලි­යන් සහ නායිකා සමාරා ඩුල්වින් ලකුණු 22 බැගින් රැස් කර­මින් ඔස්ට්‍රේ­ලි­යානු ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භි­නි­යන් වූ අතර, පන්දු යැවී­මේදී අසේනි තල­ගුණේ සහ ශෂිනි ගිම්හානි කඩුලු 2 බැඟින් දවා ගත්තාය.

Scroll to Top