leadsportz

පාකිස්තානය පරදා ඉන්දියාවට පහසු ජයක්

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) රාත්‍රියේ පැවති තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරාජය කර කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානයට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 127ක් පමණි.

ඒ අනුව ලකුණු 128ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී තිබියදී තරගයේ 16(15.5) පන්දුවාරයේදී ලකුණු 131ක් රැස්කර ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.

මෙම ජයත් සමග, ක්‍රීඩාකළ තරග දෙකම ජයගත් ඉන්දීය කණ්ඩායම තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි.

Scroll to Top