බංග්ලාදේශය පරාජය කළ ශ්‍රී ලංකාව විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානය දක්වා එක් පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්වී ඇත.
ඒ, ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ලබාගැනීමත් සමගිනි.
ශ්‍රී ලංකාව ලබාගත් මේ ප්‍රගතියත් සමඟ 7 වැනි ස්ථානයේ රැඳී සිටි පාකිස්තාන කණ්ඩායමට 8 වැනි ස්ථානය දක්වා පියවරක් පසුබැසීමට සිදුව ඇත.
ඉන්දියාව විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පළමුවැනි ස්ථානයේ රැඳී සිටින අතර,ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති.


