leadsportz

ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරයා සහ ශූරියට ට්‍රම්ප්ගෙන් කෝටි 56ක බද්දක්

ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ඉතිහාසයේ විශාලතම ත්‍යාග මුදල සමඟ අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ඒකල ශූරතාව දිනාගත් බෙලරූසයේ අරිනා සබලෙන්කාට හිමිවූ ඩොලර් මිලියන 5ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 151) මුදල් තෑග්ගෙන් ඩොලර් මිලියන 1.85ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 56ක්) එක්සත් ජනපද භාණ්ඩාගාරයට බදු ගෙවීමට සිදුව ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජයේ නව බදු ප්‍රතිපත්තිය අනුව‍ ඒකල පිරිමි ටෙනිස් ශූරතාව දිනාගත් ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස්ට ද මේ බදු නියෝගය අනුව දිනාගත් කෝටි 151න් කෝටි 56ක මුදලක් කපා ගැනේ.

එක්සත් ජනපද බදු නීතිය අනුව, අමෙරිකානු ඩොලර් ලක්ෂ 6කට වැඩි ආදායමක් ලබන සෑම අයකුම සියයට 37ක අනුපාතයකින් බදු ගෙවිය යුතුවීම හේතුවෙන් ටෙනිස් ශූරයන්ට ද මේ මුදල ගෙවීම අනිවාර්ය වී තිබේ. මේ සමඟ පුහුණුකරුවන්, සහායක කාර්ය මණ්ඩලය සහ ගමන් වියදම් සඳහා අඩු කිරීම් ඩොලර් මිලියන 2ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 60ක්) පමණ වේ. එයින් අදහස් වන්නේ අල්කරාස් හා සබලෙන්කාට තෑගි මුදලින් හිමි වන්නේ ඩොලර් මිලියන 3ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 91ක් පමණ වේ.

හයවන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා ගැනීමෙන් පසු අල්කරාස්ගේ වෘත්තීය ආදායම දැන් ඩොලර් මිලියන 53.5ක් වන අතර, කාන්තා ටෙනිස් ක්‍රීඩාවේ සිවුවැනි වැඩිම ආදායමක් උපයන සබලෙන්කාගේ වෘත්තීය ආදායම ඩොලර් මිලියන 42.3ක් වේ.

Scroll to Top