leadsportz

ආසියානු කුසලානයේ ශූරතාවයටත් වඩා වටින පාණ්ඩ්‍යාගේ අත් ඔරලෝසුව

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා කියන්නේ පිටියේදී වගේම ඉන් පිටතදීත් පුවත් මවන්නෙක්.ඔහුගේ විලාසිතාවන් ගැන බොහෝවිට ක්‍රිකට් ලෝලීන් අතර කතාබහට ලක්වෙනවා.
ආසියානු කුසලාන තරගාවලියේ උණුසුම දිනෙන් දින ඉහළ යමින් තිබියදී පාණ්ඩ්‍යා ගැන අවධානය නැවතත් ඉහළ ගොස් තිබෙනවා.ඒ, ඉන්දීය කණ්ඩායමේ පුහුණුවීම් අතරවාරයේදී ඔහු පැළඳ සිටි අතිනවීන පන්නයේ අත් ඔරලෝසුව නිසායි.
ක්‍රීඩා ලෝලීන්ට මේ අත් ඔරලෝසුව දැකගන්නට ලැබුණේ පාණ්ඩ්‍යා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම වෙත එක් කර තිබූ ඡායාරූප කිහිපයකින්.
Richard mille RM 27-04 මාදිලියට අයත් අත් ඔරලෝසුවක් වන එහි වටිනාකම පිළිබද ක්‍රීඩා ලෝලීන් විවිධ මත පළ කර තිබුණා.
කොහොමනමුත්, මෙම අත් ඔරලෝසුවේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කෝටි 68.35කට ආසන්න බවයි වාර්තා වෙන්නේ.එය ලොව සිටින පුද්ගලයින් 50 දෙනෙකු සතුව පමණක් පවතින දුලබ ගණයේ අත් ඔරලෝසුවක්.
මෙහි තවත් විශේෂත්වයක් වන්නේ එම වටිනාකම මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන ත්‍යාග මුදලටත් වඩා කිහිප ගුණයකින් ඉහළ අගයක් ගැනීමයි.
මෙවර ආසියානු කුසලානයේ ශූරයන්ට හිමිවන ත්‍යාග මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 8.95 ක් (ඉන්දීය රුපියල් කෝටි 2.6 ) පමණ වෙනවා.

Scroll to Top