leadsportz

වැඩිම කඩුලු රෂී­ඩ්ගෙන්

විස්සයි20 ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩු­ලු­ලා­භියා බවට පත්වී­මට ඇෆ්ග­නි­ස්තාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් සමත් විය.

සාජා­හිදී පැවැ­ත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ එක්සත් අරාබි එමීර් පිලට එරෙ­හිව පෙරේදා පැවති තර­ග­යේදී කඩුලු 3ක් බිඳ දැමී­මත් සමඟ රෂීඩ්ට කඩු­ලු­ලා­භීන් අතර පෙර­මුණ හිමි විය. ඔහු මේ වන විට තරග 98කදී කඩුලු 165ක් දවා ගෙන තිබේ. ලකුණු 3කට කඩුලු 5ක් බිඳ දැමීම සිය හොඳම විස්සයි20 පන්දු යැවීම ලෙස සට­හන් කර ගෙන ඇති 26 හැවි­රිදි රෂීඩ් අඩුම තරග සංඛ්‍යා­ව­කදී කඩුලු 100ක් දවා­ගත් ක්‍රීඩ­කයා ද වෙයි. ඔහු තරග 53කදී එම දස්කම කළේය. වැඩිම කඩු­ලු­ලා­භියා ලෙස රෂිඩ් විසින් පෙරේදා අබි­බවා ගියේ නව­සී­ල­න්තයේ ටිම් සවු­තිය. ඔහු තරග 126කදී කඩුලු 164ක් බිඳ හෙළා තිබිණි.

එහි තෙවැනි තැන නව­සී­ල­න්තයේ ඉෂ් සෝධිට හිමිව ඇත්තේ කඩුලු 150ක් සම­ඟිනි. ශ්‍රී ලංකාව වෙනු­වෙන් වැඩිම විස්සයි20 කඩුලු සංඛ්‍යා­වක් (131) දවා­ගෙන ඇති වනිඳු හස­රංග පසු­වන්නේ මේ ලැයි­ස්තුවේ 7 වැනි ස්ථාන­යේයි.

Scroll to Top