ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අයි.සී.සීයෙන් දඩයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.
ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේ හි පැවති දෙවන එක්දින තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව නොයැවීම හේතුවෙනි.
ඒ අනුව, තරග ගාස්තුවෙන් 5%ක දඩයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නියම කර තිබේ.
ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන අයි.සී.සී චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව මෙම දඩයක් නියම කර ඇත.
පිටියේ විනිසුරුවන් වන ඉක්නෝ චාබි සහ රිචඩ් කෙට්ල්බරෝ මෙන්ම තුන්වන විනිසුරු පර්සිවල් සිසාරා සහ සිව්වන විනිසුරු ෆෝස්ටර් මුටිස්වා විසින් මෙම චෝදනාව එල්ල කර තිබුණි.
නායක චරිත් අසලංක වරදට වරද පිළිගෙන ඇති අතර යෝජිත දඬුවම පිළිගෙන ඇති බැවින්, විධිමත් විභාගයක් සිදුකිරීමට අවශ්‍යතාවයක් ඇති නොවුණ බව නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සීය කියා සිටියි.


