leadsportz

අන්තර් පාසල් එක්දින තරගාවලිය සැප්තැම්බරයේ

ලෝකයේ පාසල් ක්‍රිකට් තරග අතුරින් දීර්ඝතම ඉතිහාසයකට හිමිකම් කියන තරගාවලිය වන අන්තර් පාසල් (19 න් පහළ) එක්දින තරගාවලිය සැප්තැම්බර් මස පළමු සතියේදී ආරම්භ වෙයි. පළමු කොටසේ (‘ඒ’ – තලයට) මෙවර උසස්වීම් ලැබූ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලයද පළමු සතියේ සිටම තරග බිමට පිවිසෙනු ඇත.

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් තරග අතරේ වඩාත්ම උද්වේගකර තරගාවලිය ලෙසින් සැලකෙන්නේ ද වයස 19 න් පහළ පළමු කොටසේ තරගාවලියයි. ශ්‍රී ලංකාවේ පාසල් අතර ඉහළම මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන පාසල් 18 ක් එහිදී තරග කරති.

එක දිගට පවත්වාගෙන යනු ලබන ලෝකයේ පැරණිතම පාසල් ක්‍රිකට් තරගය ලෙසින් සැලකෙන්නේ වර්ෂ 1880 සිට පැවතෙන රාජකීය – සාන්ත තෝමස් තරගයයි. මෙම තරගය 1879 දී ආරම්භ වූවත් ඒ සඳහා විදුහල් දෙකේම ආචාර්යවරුන් සහභාගි වූ බැවින් එම තරගය පාසල් ක්‍රීඩකයන් අතර තරගයක් ලෙසින් නොසැලකේ.

මෙවරත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් තරගාවලිය සංවිධානය කරනු ලබයි.
කණ්ඩායම් 18ක් පළමු වටයේදී කාණ්ඩ 3 ක් යටතේ ලීග් ක්‍රමයට තරග වදිනු ඇත. ඒ අනුව සෑම කණ්ඩායමකටම තරග 5ක් බැගින් හිමිවන අතර, ඒ ඒ කාණ්ඩයෙන් කණ්ඩායම් 2 ක් බැගින් කණ්ඩායම් 6 ක් සහ හොඳම තෙවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් 2ක් සමගින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පසුගිය වසරේදී මෙම තරගාවලියේ ශූරතාව දිනාගත් අතර කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය එහි අනු ශූරතාවට හිමිකම් කීවේය.

Scroll to Top