ශ්‍රීමත් බ්‍රැඩ්මන් පැලඳි තොප්පිය කෝටි අට පනී
වසර 1946-47 තරග වාරයේදී අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී පැලඳ සිටි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පුරාවෘත්තයක් වන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ කොළ පැහැති තොප්පිය ඔස්ට්‍රේලියානු ඩොලර් 438,500කට (ශ්‍රී ලංකා රුපියල් අට කෝටි හැටපන් ලක්ෂයකට පමණ) අලෙවි වී තිබේ.
මේ තොප්පිය ඔස්ට්‍රේලියාවේ කැන්බරාහි පිහිටා ඇති ජාතික කෞතුකාගාරය විසින් මිලදී ගෙන ඇති අතර, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය එම මිලෙන් අඩක් ලබා දී තිබේ.
ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වැදගත් අවස්ථා සිහිපත් කරන ජාතික කෞතුකාගාරයේ ගැලරියේ මේම තොප්පිය ප්‍රදර්ශනයට තබා ඇත. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එංගලන්තයට එරෙහිව අළු බඳුන තරගාවලියේදී බ්‍රැඩ්මන් මේ තොප්පිය පැලඳ ඔස්ට්‍රේලියාවට නායකත්වය දුන් අතර, තරග පහකින් යුත් තරගාවලිය 3-0 කින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය.


