එක්දින පිටියේ වැඩිම හැට්‍රික් වාර්තාව ශ්‍රී ලංකාවෙන්
සිම්බාබ්වේ සමඟ පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින කඩුලු ත්‍රිත්වයක් (හැට්‍රික්) ලබාගත් 11 වැනි අවස්ථාව ඩිල්ෂාන් මධුසංඛ වාර්තා කළේය. ඒ සමඟ එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම හැට්‍රික් ලබාගෙන ඇති රට ලෙස ශ්‍රී ලංකාව තබා ඇති වාර්තාව තවදුරටත් අලුත් විය.
ශ්‍රී ලංකාව එක්දින පිටියේ කඩුලු ත්‍රිත්ව (හැට්‍රික්) ලබාගත් 11 වැනි අවස්ථාව සටහන් වෙද්දී, පාකිස්තානය එක්දින කඩුලු ත්‍රිත්ව අටක්, ඔස්ට්‍රේලියාව එක්දින කඩුලු ත්‍රිත්ව හයක්, බංග්ලාදේශය හා ඉන්දියාව එක්දින කඩුලු ත්‍රිත්ව පහ බැගින්, දකුණු අප්‍රිකාව, නවසීලන්තය හා එංගලන්තය එක්දින කඩුලු ත්‍රිත්ව හතර බැගින්, සිම්බාබ්වේ එක්දින කඩුලු ත්‍රිත්ව තුනක් හා බටහිර ඉන්දීය කොදෙව් පිල එක්දින කඩුලු ත්‍රිත්ව දෙකක් වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග දකුණු අප්‍රිකාවට, කෙන්යාවට හා ඔස්ට්‍රේලියාවට එරෙහිව අවස්ථා 3කදී කඩුලු ත්‍රිත්ව 3ක් වාර්තා කොට ඇති අතර, චමින්ද වාස් සිම්බාබ්වේ පිලට හා බංග්ලාදේශයට එරෙහිව අවස්ථා දෙකකදී කඩුලු ත්‍රිත්ව 2ක් වාර්තා කළේය. ෆර්විස් මහරූෆ් ඉන්දියාවට එරෙහිව, තිසර පෙරේරා පාකිස්තානයට එරෙහිව, වනිඳු හසරංග සිම්බාබ්වේට එරෙහිව, ෂෙහාන් මධුශංක බංග්ලාදේශයට එරෙහිව, මහේෂ් තීක්ෂණ නවසීලන්තයට එරෙහිව හා ඩිල්ෂාන් මධුසංඛ සිම්බාබ්වේ පිලට එරෙහිව කඩුලු ත්‍රිත්ව වාර්තා කළහ.


