ජාතික මහා ක්‍රීඩා උලෙළේ බොක්සිං තරග ඇරඹෙයි
හතළිස් නවවැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ බොක්සිං තරග ඉසව් පෙරේදා (26) ගාල්ල නගර සභා එළිමහන් පරිශ්‍රයේ දී ආරම්භ විය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන ජාතික මහා ක්‍රීඩා උලෙළේ බොක්සිං තරග සඳහා සියලු පළාත් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 145ක් සහ ක්‍රීඩිකාවෝ 79ක් එක් වෙති.
තරග 36කින් සමන්විත බොක්සිං ඉසව්වේ තරග පස්වරු 2.30ට රාත්‍රී 10.30 දක්වා පැවැත්වෙන අතර, තරගාවලිය අනිද්දා (30) නිමා වීමට නියමිතය.