ඉන්දීය ක්‍රිකට් අනුග්රාහකයා හදිසියේම ඉවතට
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ දිගු කලක් ප්‍රධාන අනුග්රාහකයා ලෙස කටයුතු කළ Dream11, ලබන මාසයේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට පෙර අනුග්රාහකත්වයෙන් ඉවත්වන බව පවසයි.
වසර තුනක කාලයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 358කට (ශ්‍රී ලංකා රුපියල් 1233ක්) මේ ආයතනය ඉන්දීය ක්‍රිකට් සමඟ ගිවිසුමකට එළැඹ ඇති අතර, කොන්ත්රාත්තුව අවසන්වීමට තවත් වසරකට ආසන්න කාලයක් ඉතිරිව ඇත.


