තීක්ෂණ මහරාජ් සමග අංක එක බෙදාගනී
අයි.සී.සී නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව නැවත වරක් එක්දින පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පැමිණීමට මහීෂ් තීක්ෂණ සමත්වී ඇත.
පසුගිය සතියේ ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු එක්දින තරගයේදී කඩුළු පහක් බිදහෙළීමත් සමග දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කේෂව් මහරාජ් එක්දින පන්දුයවන්නන්ගේ ශ්‍රේණිත කිරීම්වල පළමු ස්ථානය හිමිකර ගත්තද , එම තරගාවලියේ දෙවැනි සහ තෙවැනි තරග 0-40 සහ 1-57 ලෙස නිමකිරීම හේතුවෙන් ඔහුට හිමිව තිබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 687 සිට 671 දක්වා පහත වැටී තිබේ.
ඒ අනුව මේ වනවිට මහීෂ් තීක්ෂණ සහ කේෂව් මහරාජ් යන දෙදෙනාම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු තැන රැඳී සිටිති.


