බ්‍රෙන්ඩන් ටේලර් නැවතත් සිම්බාබ්වේ කණ්ඩායමට
ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය සඳහා සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රෙන්ඩන් ටේලර් යළි කැඳවා තිබේ.
තරග පාවාදීම සහ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනා මත අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් තරග තහනමකට ලක්ව සිටි බ්‍රෙන්ඩන් ටේලර් වසර හතරකට ආසන්න කාලයකට පසු ජාතික කණ්ඩායමට යළි කැඳවීම විශේෂත්වයකි.
මෙය 2021 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු ටේලර් සහභාගි වන පළමු එක්දින ජාත්‍යන්තර තරගාවලියයි.