leadsportz

තීක්ෂණ අභිබවා මහ­රාජ් එක්දින පිටියේ පෙර­මුණට

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය ඊයේ නිකුත් කළ නව­තම එක්දින ක්‍රිකට් ශ්‍රේණි­ගත කිරීම් අනුව පන්දු යව­න්නන්ගේ පෙර­මුණ ගැනී­මට දකුණු අප්‍රි­කාවේ කේෂව් මහ­රාජ් සමත් විය.

ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙ­හිව කෙන්යාන්ස්හි පැවති පළමු එක්දින තර­ග­යේදී දකුණු අප්‍රි­කාව ජය­ග්‍ර­හ­ණය කරා ගෙන යමින් කඩුලු 5ක් බිඳ දම­මින් දැක්වූ දස්කම් මත මහ­රාජ් ස්ථාන 2කින් ඉදි­රි­යට ගොස් තිබේ.
ඒ අනුව එතෙක් පෙර­මුණ ගෙන සිටි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂ­ණට දෙවැනි ස්ථානය දක්වා පහත වැටී­මට සිදු විය. මහ­රාජ් සිය ශ්‍රේණි­ගත ලකුණු සංඛ්‍යාව 687 දක්වා ඉහළ දමා­ගෙන ඇති අතර, තීක්ෂ­ණට හිමිව ඇත්තේ ලකුණු 671කි.

දෙවැනි තැන සිටි කුල්දීප් යාදව් (650) තෙවැනි ස්ථානය දක්වා පහත බැස තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වනිඳු හස­රංග (619) 8 වැනි තැනම සිටී.

Scroll to Top