leadsportz

ආසි­යානු කුස­ලාන ක්‍රිකට් ශූර­යන්ට කෝටි 6ක මුදල් තෑග්ගක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යේදී ලබන සැප්තැ­ම්බර් 9දා ආරම්භ වන ආසි­යානු කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­යන්ට අමෙ­රි­කානු ඩොලර් ලක්ෂ 2ක් (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 6ක්) සමඟ කුස­ලා­නය පිරි­නැ­මී­මට ආසි­යානු ක්‍රිකට් සංග­මය තීර­ණය කොට ඇත.

අව­සන් තර­ග­යෙන් පරා­ජ­යට පත්වන කණ්ඩා­ය­මට අමෙ­රි­කානු ඩොලර් ලක්ෂ­යක (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 3ක්) මුද­ලක් පිරි­නැමේ. සුපිරි 4 වටයේ ජය­ග්‍රාහී කණ්ඩා­ය­මට අමෙ­රි­කානු ඩොලර් 40,000 (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 1යි ලක්ෂ 20ක්) බැගින් පිරි­නැ­මෙන අතර, සුපිරි 4 වටයේ පරා­ජ­යට පත්වී ඉව­ත්වන කණ්ඩා­ය­ම­කට අමෙ­රි­කානු ඩොලර් 30,000 (ශ්‍රී ලංකා රුපි­යල් ලක්ෂ 90ක්) බැගින් හිමිවේ.

ආසි­යානු කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ උප­යන මුදල් කළ­ම­නා­ක­ර­ණය කරනු ලබන්නේ ආසි­යානු ක්‍රිකට් කවු­න්සි­ලය (ACC) විසිනි. මේ මුද­ලින් විශාල කොට­සක් තර­ගා­ව­ලිය පව­ත්වා­ගෙන යාම සඳහා යොමු කෙරෙන අතර, ඉතිරි මුදල් සහ­භාගි වන රට­වල ක්‍රිකට් මණ්ඩල අතර බෙදා­හ­රිනු ලැබේ. එක් එක් රට­වල් සඳහා නිශ්චිත මුදල් කොටස එම කණ්ඩා­යම ක්‍රීඩා කරන තරග ගණන, නර­ඹ­න්නන් සහ අනු­ග්‍රා­හ­ක­යන් ඉදි­රි­ප­ත්වීම වැනි සාධක මත රඳා පවතී.

Scroll to Top