leadsportz

පාසල් ලීග් රග්බි තරගාවලියේ අවසන් තරගය අද

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අවසානය සනිටුහන් කරමින් බඳුන ශූරතා වටය යටතේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අද (12) තරග කිරීමට නියමිතය.


තරගාවලියේ ඉතිරි තරග සියල්ල අවසන්ව ඇති පසුබිමක විද්‍යා විද්‍යාලය ප්‍රසාද ලකුණු 17ක් සමග බඳුන ශූරතා ලකුණු සටහනෙහි තෙවැනි ස්ථානයේත්, තර්ස්ටන් විද්‍යාලය ප්‍රසාද ලකුණු 15ක් සමග සිව්වැනි ස්ථානයේත් පසු වේ.

කණ්ඩායම් දෙකම මේ වන විට ක්‍රීඩා කළ තරග අතරින් තරග 2ක බැගින් ජය ගැනීමට සමත්ව ඇති අතර තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරමින්, එක් තරගයක් පරාජයට පත්ව ඇත. අද තරගය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


මේ අතර තරගාවලියේ කුසලාන ශූරතාව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය විසින් දිනා ගනිද්දී, පළඟ ශූරතාව කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය විසින් සහ බඳුන ශූරතාව කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.

Scroll to Top