leadsportz

ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් අද ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම ලබන අගෝස්තු මස අගදී සිම්බාබ්වේ සංචා­රය ආරම්භ කිරී­මට පෙර කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාං­ග­ණ‍යේදී (එස්එස්සී) පැවැ­ත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් විස්සයි20 තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් කමිඳු මෙන්ඩිස්ගේ ‘ග්‍රීන්ස්’ පිල හා දුනිත් වෙල්ලා­ලගේ නාය­ක­ත්වය දෙන ‘බ්ලූස්’ පිල අතර තර­ගය අද පස්වරු 1.30ට ආරම්භ වෙයි.

මේ තරග නැර­ඹීමේ අව­ස්ථාව ප්‍රේක්ෂකයන්ට නොමි‍ලේ ලබාදී ඇති අතර, ඒ ‍ වෙනු­වෙන් එස්එස්සී පිටියේ සියලු දොරටු මහ­ජ­න­තාව වෙත පස්වරු 12.30 සිට විවෘ­තව පවතී.

 ශ්‍රී ලංකාවේ මුල් ‍ පෙළේ ක්‍රීඩ­ක­යන් කණ්ඩා­යම් 3කට බෙදී මේ විස්සයි20 තර­ගා­ව­ලිය පැවැ­ත්වෙන අතර, මූලික වටය අව­සා­න­යේදී ඉහ­ළම දක්ෂතා දක්වන කණ්ඩා­යම් දෙක අගෝස්තු 16දා එස්එස්සී ක්‍රීඩාං­ග­ණ‍යේදී පැවැ­ත්වෙන අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලබනු ඇත.

Scroll to Top