23න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ ශතක 7ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැගී එන ක්‍රීඩකයන් වෙනුවෙන් සංවිධාන කරන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය ඊයේ(05) ආරම්භ විය.
කණ්ඩායම් 26ක් කාණ්ඩ 4ක් යටතේ තරග බිමට පිවිසෙන මේ තරගාවලියේදී පළමු දිනයේදී තරග 11ක් ආරම්භ වූ අතර, එහිදී පිතිකරුවන් හයදෙනකු ශතක වාර්තා කිරීමට සමත් වූහ.
දිනයේ කැපී පෙනෙනම ඉනිම ක්‍රීඩා කිරීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ නායක මිනෙත් ප්‍රේමරත්න සමත් වූයේ නොදැවී ලකුණු 158ක් රැස් කරමිනි. පන්දු 215කදී හතරේ පහර 9ක් සමඟ ඔහු මේ ලකුණු සංඛ්‍යාව රැස් කළේ කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවැත්වෙන තරගයේදීය.


