leadsportz

කාන්තා මීටර් 5000 ශ්‍රී ලංකා වාර්තා­වත් රසා­රාට

කාන්තා මීටර් 5000 ඉසව්වේ වසර 4ක් පැරණි ශ්‍රී ලංකා වාර්තා අලුත් කිරී­මට කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ රසාරා විජේ­සූ­රිය සමත් වූවාය.

ජර්ම­නියේ පැවති ලෝක විශ්ව­වි­ද්‍යාල ක්‍රීඩා උලෙළේ අව­සන් දින­යවූ ඊයේ මීටර් 5000 අව­සන් තර­ග­යට එක්වූ රසාරා මිනිත්තු 15:52.60ක කාල­යක් වාර්තා කළ අතර, ක්‍රීඩි­කා­වන් 13 දෙනකු අත­රින් ඇයට හිමි වූයේ 11 වැනි ස්ථාන­යයි.

රසා­රාගේ මේ කාල සමඟ බිඳ වැටුණු 2021 වසරේ ගය­න්තිකා අබේ­රත්න විසින් ජාතික මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී මිනිත්තු 15:55.84කින් තබා තිබූ ශ්‍රී ලංකා වාර්තාය.

කාන්තා මීටර් 10,000 ශ්‍රී ලංකාව වාර්තාව ද රසාරා සතුවී ඇති අතර, මේ ක්‍රීඩා උලෙ­ළේ­දීම මීට දින කිහි­ප­ය­කට ඉහ­තදී එය නැවත අලුත් කිරී­මට රසාරා සමත් වූවාය.

Scroll to Top