ඉන්දියා - එංගලන්ත ටෙස්ට් ගැටුම ජය පැරදුමෙන් තොරයි
ඉන්දියා – එංගලන්ත සිව්වැනි ටෙස්ට් තරගය ඊයේ(27) ජය පරාජයෙන් තොරව අවසන් විය.
තරගය නතර කරන විට ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුළු 4ක් දැවී ලකුණු 425ක් රැස්කරගෙන සිටියේය.
එහිදී සටන්කාමී පිතිහරඹයක නිරතවූ ශුබ්මන් ගිල්,රවීන්ද්‍ර ජඩේජා සහ වොෂින්ටන් සුන්දර් ශතක රැස් කිරීමට සමත් විය.
ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 358ක් රැස්කළ අතර,ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලබාගත් ලකුණු සංඛ්‍යාව 669කි.
2-1ක් ලෙස මේ වනවිට එංගලන්තය තරගාවලියේ ඉදිරියෙන් සිටියි.


