ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අගෝස්තු 29-31
හතළිස් නවවැනි ජාතික මහා ක්‍රීඩා උලෙළ දකුණු පුරවරයේ ගාල්ල හා මාතර කේන්ද්‍රකොට පසුගියදා ආරම්භ විය. මෙවර ජාතික මහා ක්‍රීඩා උලෙළේ සමාප්ති උත්සවය ලබන අගෝස්තු 29 සිට 31 දක්වා ගාල්ල, දඩල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
වෙනදා රට පුරා විවිධ ස්ථානවලදී පැවැත්වෙන ක්‍රීඩා ඉසව් 35ක් මෙවර ස්ථාන තුනකදී පැවැත්වීම විශේෂත්වයකි.
ගාල්ල දඩල්ල ක්‍රීඩා සංකීර්ණය, හික්කඩුව නගර සභා ක්‍රීඩාංගණය, මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණය හා කොළඹ ස්ථාන කිහිපයකදී තරග පැවැත්වීමට කටයුතු යොදා ඇත.
