leadsportz

වසර 14කට පසු වයඹ පළාත නෙට්බෝල් ශූර­තාව දිනයි

ජාතික මහා ක්‍රීඩා උලෙළේ නෙට්බෝල් ශූර­තාව වසර 14කට පසු වයඹ පළාත ජය­ග්‍ර­හ­ණය කළේය. දින තුනක් පුරා මාතර දිස්ත්‍රික් ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණයේ පැවති නෙට්බෝල් තරග පෙරේදා (20) නිමා­වට පත්වූ අතර, වසර ගණ­නා­ව­කට පසු බස්නා­හිර පළාත අව­සන් මහා තර­ගය අහි­මිවී තෙවැනි ස්ථාන­යට පත්විය.

මේ අතර, 49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ වොලි­බෝල් පිරිමි ශූර­තාව බස්නා­හිර පළාත හා කාන්තා ශූර­තාව සබ­ර­ග­මුව පළාත හිමි­කර ගැනී­මට සමත් විය.

1991 සිට මෙතෙක් වොලි­බෝල් කාන්තා ශූර­තාව බස්නා­හිර සහ වයඹ දිනා තිබූ අතර, වසර 34කට පසු එම ඉති­හා­සය වෙනස්වී වයඹ තෙවැනි ස්ථාන­යට හා බස්නා­හිර සිවු­වැනි ස්ථාන­යට පත්වීම කැපී පෙනිණි.

නෙට්බෝල් අව­සන් මහා තර­ග­යට වයඹ සහ මධ්‍යම පළාත් සුදු­සු­කම් ලබා සිටි අතර, එහිදී ලකුණු 50 – 48ක තියුණු ජයක් වයඹ පළා­තට හිමි විය. ශ්‍රී ලංකා නෙට්බෝල් නායිකා දුලාංගි වන්නි­ති­ලක වයඹ පළාත වෙනු­වෙන් වසර 14කට පසු ක්‍රීඩා කිරීම කැපී පෙණුන අතර, ඇය නෙට්බෝල් රැජන සම්මා­නය ද දිනා ගත්තාය.

අව­සන් වරට වයඹ පළාත නෙට්බෝල් ශූර­තාව දිනා ගත්තේ 2011 වස­රේ­දීය. මෙවර තෙවැනි ස්ථානය සඳහා බස්නා­හිර සහ දකුණු පළාත තරග කළ අතර, එහිදී ලකුණු 85 -21ක් ලෙස බස්නා­හිර පළාත ජය වාර්තා ක‍ළේය.

Scroll to Top