leadsportz

රටෙන් පලා­ගිය ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩි­කා­වන්ට ශ්‍රී ලංකා­වේදී ලෝක කුස­ලාන තරග වරම්

ඇෆ්ග­නි­ස්තා­නයේ තලේ­බාන් පාල­නය හේතු­වෙන් පලා ගිය ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩි­කා­වන්ට මේ වසර අගදී ශ්‍රී ලංකාවේ හා ඉන්දි­යාවේ පැවැ­ත්වෙන කාන්තා ඕවර 50 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට සහ 2026දී එංග­ල­න්තයේ පැවැ­ත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කිරීමේ අවස්ථා ලබා­දී­මට ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය තීර­ණය කර ඇත.

තලේ­බාන් දැඩි නීති හමුවේ ඔස්ට්‍රේ­ලි­යා­වට පලා ගිය ඇෆ්ග­නි­ස්තා­න කාන්තා ක්‍රිකට් ක්‍රීඩි­කා­වන්ට උප­කාර කිරීම සඳහා ලොව ධන­වත්ම ක්‍රිකට් මණ්ඩල තුන වන ඉන්දි­යාව, එංග­ල­න්තය සහ ඔස්ට්‍රේ­ලි­යාව කැමැත්ත පළ‍ ­කොට ඇති බව සිංග­ප්පූ­රු­වේදී පෙරේදා (20) පැවති අයි­සීසී වාර්ෂික සමු­ළු­වේදී අනා­ව­ර­ණය කෙරිණි.

අයි­සීසී ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­වලි දෙක අත­ර­තු­රදී ඇෆ්ග­නි­ස්තා­න කාන්තා ක්‍රිකට් ක්‍රීඩි­කා­වන්ට අයි­සීසී අනු­ග්‍ර­හය යටතේ ජාත්‍ය­න්තර පුහු­ණු­ක­රු­වන් විසින් පව­ත්වනු ලබන වැඩ­මු­ළු­ව­ලට සහ­භාගී වීමට අවස්ථා හිමිව තිබේ.

Scroll to Top