නුවනිඳුගෙන් ඔස්ට්‍රේලියාවේදී තවත් ශතකයක්
නුවනිඳු ප්‍රනාන්දු වාර්තා කළ ශතකය හේතුවෙන් ඔස්ට්‍රේලියානු ‘ඒ’ පිලට එරෙහිව ඊයේ ආරම්භ වූ දෙවැනි සහ අවසන් නිල නොවන සිවුදින ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව අත්කර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.
තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී සිටි ශ්‍රී ලංකා පිල රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 264කි.
පවන් රත්නායක ලකුණු 43ක් සහ සොනාල් දිනූෂ ලකුණු 5ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
මේ තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනස්කම් 3ක් සිදු කරමින් සොහාන් දි ලිවේරා, ශිරාන් ප්‍රනාන්දු සහ අසංක මනෝජ් කැඳවා තිබුණේ විෂාඩ් රන්දික, ප්‍රමෝද් මදුෂාන් සහ මොහොමඩ් ශිරාස් වෙනුවටය.


