ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (02) පැවැත්වීමට නියමිතය.
ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
තරගය හෙට පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතව තිබේ.මෙම එක්දින ක්‍රිකට් තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර,දෙවැනි සහ තුන්වැනි තරග ජූලි 05 සහ 08 යන දිනවල පැවැත්වේ.


