leadsportz

වස­රක් යනතුරු ශ්‍රී ලංකා­වට ටෙස්ට් තරග නෑ

සංචා­රක බංග්ලා­දේශ ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර එස්එස්සී පිටියේ පැවති දෙවැනි ටෙස්ට් තර­ග­යෙන් පසු ශ්‍රී ලංකා­වට වස­රක පමණ කාල­යක් ටෙස්ට් තරග නැති හෙයින් ඒ අත­ර­තුර කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය ටෙස්ට් තරග ලබා ගැනී­මට විශාල පරි­ශ්‍ර­ම­යක යෙදී සිටින බව දෙවැනි ටෙස්ට් තර­ගය නිමා­වී­මත් සමඟ පැවති මාධ්‍ය හමු­වේදී නායක ධනං­ජය ද සිල්වා පැව­සීය.

ලබන වසරේ ජූනි හා ජූලි මාස­ව­ලදී ශ්‍රී ලංකාව හා බට­හිර ඉන්දීය කොදෙව් කණ්ඩා­යම් අතර කො‍දෙව් දේශ­යේදී ටෙස්ට් තරග 2ක් පැවැ­ත්වෙන අතර, එතෙක් ශ්‍රී ලංකා පිලට දිගු ටෙස්ට් තරග විවේ­ක­යක් ඇත.

“අපිට දේශීය තර­ගා­වලි තියෙ­නවා. දැන් එක්දින තර­ගා­ව­ලි­යක් යනවා. තුන්දින තරග ඉදි­රි­යේදී තියෙ­නවා. අපි ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ඉල්ලී­මක් කළා. ඔවුන් ඒ ගැන බල­නවා. තව ටෙස්ට් තරග තුන හත­රක් හරි ගන්න. ඊළඟ අවු­රුද්දේ ටෙස්ට් තරග 10ක් තියෙ­නවා. කාර්ය බහුල තත්ත්ව­යක් එනවා. ටෙස්ට් තරග නැති වෙලා­වට ඒක ටිකක් අප­හ­සුයි. නමුත් එක දිගට තරග තිය­න­කො­ටත් ඒක ලේසි වෙන්නේත් නෑ. නමුත් අපි වෘත්ති­මය ක්‍රීඩ­කයෝ විදි­හට ඕනෑම දේකට සූදා­නම් විය යුතුයි” නායක ධනං­ජය ද සිල්වා පැව­සීය.

Scroll to Top