leadsportz

අප­රා­ජි­ත­යන්ගේ සට­නින් වෙස්ලි ජය ගනී

අන්තර් පාසල් අවු­රුදු 19න් පහළ පළ­මු­පෙළ ලීග් රග්බි තර­ගා­ව­ලියේ වෙස්ලි විදු­හල් පිල සහ සාන්ත පීතර විදු­හල් පිල අතර ‘ඒ’ කාණ්ඩයේ අප­රා­ජි­ත­යන්ගේ ගැටු­මෙන් ලකුණු 23-5ක පෙර­ළි­කාර ජයක් වාර්තා කිරී­මට සඳුල් ගම්ම­න්පි­ලගේ නාය­ක­ත්ව­යෙන් යුතු වෙස්ලි පිල සමත් විය. හැව්ලොක් පිටියේ පැවති මේ තර­ගය පසු­ගිය සති අන්තයේ වඩාත් උණු­සුම් සට­නක් බවට පත්වනු ඇතැයි අනා­වැකි පළ­වී­මත් සමඟ තර­ග­යට දැඩි පොලිස් ආර­ක්ෂා­වක් යොදා තිබූ අතර, කැරලි මර්දන ඒක­කය කැඳ­වී­මටද පිය­වර ගෙන තිබිණි. තර­ගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 8-0කින් පෙර­මුණ ගෙන සිටි වෙස්ලි ක්‍රීඩ­කයෝ සිය ප්‍රති­වා­දීන් ඇද බැඳ තබා­ගත් අතර, 67 වැනි මිනි­ත්තු­වේදී උත්සා­හක දිනු­මක් තබ­මින් සාන්ත පීතර කණ්ඩා­යම අන්ත පරා­ජ­ය­කින් බේරා­ගනු ලැබුවේ රෙවෝන් පෙරේරා විසිනි.

වෙස්ලි විදු­හල් පිලේ ලකුණු සංඛ්‍යා­වට ගෝල­යක්, උත්සා­හක දිනුම් 2ක් සහ දඬු­වම් පහර 2ක් එක්වූ අතර, තර­ගයේ ජය­ග්‍ර­හ­ණ­යත් සමඟ වෙස්ලි පිල ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සට­හනේ අප­රා­ජි­තව පෙර­මුණ රැක ගැනී­මටද සමත් විය.

Scroll to Top