leadsportz

ශ්‍රී ලංකා යූත් ලීග් කිරුළ කාටද? තීරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන රටපුරා දක්ෂ යොවුන් ක්‍රීඩකයින් සොයන ප්‍රධානතම තරගාවලිය වන අවුරුදු 19න් පහළ නැෂනල් යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට කොළඹ දකුණ කණ්ඩායම හා කොළඹ උතුරු කණ්ඩායම සමත් වූහ. එම අවසන් මහා තරගය අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද(30) පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පෙරේදා(28) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කොළඹ දකුණ කණ්ඩායම විසින් මහනුවර කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත්කළ අතර, සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොළඹ උතුරු කණ්ඩායම කඩුලු 1කින් ගාල්ල කණ්ඩායම පරාජයට පත් ක‍ළේය

Scroll to Top