පළමු දිනය අවසානයේ
බංගලාදේශය 220/8
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයවූ අද(25) දිනය නිමාවට පත්වන විට බංගලාදේශය කඩුළු 8ක් දැවී ලකුණු රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 220කි.කාසියේ වාසිය දිනාගත් බංගලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර,ශඩ්මන් ඉස්ලාම් ලකුණු 46ක්ද , මුෂ්ෆිකර් රහීම් ලකුණු 35ක්ද,ලිටන් දාස් ලකුණු 34ක්ද රැස්කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන සොනාල් දිනූෂ ලකුණු 22කට කඩුළු 2ක්ද,විශ්ව ප්‍රනාන්දු ලකුණු 35කට කඩුළු 2ක්ද දවාගැනීමට සමත් විය.


