leadsportz

National Youth Sports Fest ශුරතාවය මහනුවර දිස්ත්‍රික්කයට

National Youth Sports Fest 2025 ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ඊයේ (21) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ක්‍රීඩා උළෙල පැවැත්විය.

දිස්ත්‍රික්ක 26ක් නියෝජනය කරමින් මෙම ක්‍රීඩා උළෙලට තරුණ තරුණියන් සහභාගී වී සිටි අතර, ක්‍රීඩා උළෙලේ සමස්ත ශුරතාවය මහනුවර දිස්ත්‍රික්කය දිනාගත්තේය. අනුශුරතාවය ගම්පහ දිස්ත්‍රික්කයට සහ තෙවන ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයට හිමි විය.

මෙම ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ සයුරි ලක්ෂිකා මෙන්ඩිස් සම්මාන දිනාගත් අතර,දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ KAD මල්ෂාන් සම්මාන දිනාගත්තේය. දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට YAMAHA ආයතනයේ අනුග්‍රහයෙන් යතුරු පැදි දෙකක් පිරිනැමීය.

Scroll to Top