ජාතික යෞවන ක්‍රීඩා උලෙළ අද දියගමදී ඇරඹේ
ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධාන කරන 35 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලෙළ අද (19) හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
තාරුණ්‍යයේ ක්‍රීඩා හැකියාවන් උරගා බැලෙන සිවුදිග යා කෙරෙන මහා ක්‍රීඩා මංගල්‍යය ලෙසින් හැඳින්වෙන මේ ක්‍රීඩා උලෙළ අද සිට තෙදිනක් මලල ක්‍රීඩා ඉසව් සමඟ කණ්ඩායම් ඉසවු කිහිපයක අවසන් තරග පැවැත්වෙන අතර, ඒ යටතේ පාපන්දු පිරිමි අවසන් තරගය මඩකලපුව සහ නාගරික තරුණයා දිස්ත්‍රික් අතර පැවැත්වීමට නියමිතය.
මින් පෙර තිස්හතර වරක් පැවති ක්‍රීඩා උලෙළ වයස අවුරුදු 20න් පහළ හා අවුරුදු 20න් ඉහළ ලෙස කාණ්ඩ දෙකකින් කාන්තා/ පිරිමි ලෙස පැවති අතර, මෙවර එය වයස අවුරුදු 15ත් 29ත් අතර සීමාවලට අදාළව සංවිධාන කරන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසීය.


