leadsportz

මෙච්චර දුරක් ආවේ තාත්තා නිසයි – සෆියා යාමික්

ඉන්දියාවේ රංචි නුවරදී අවසන් වූ දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ නම රන්ඳා ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස කිරුළ දරන්නට මහනුවර විහාරමහා දේවි බාලිකා විද්‍යාලයේ අධ්‍යාපන හැදෑරූ සෆියා යාමික් සමත් වූවාය.

ඇය මෙම දක්‍ෂතාව සිදුකරන්නේ මීටර් 100 ඉසව්ව තත්පර 11.53කට නව වාර්තාවක් ද තබමින් රන් පදක්කම හිමිකර ගනිමිනි.

තවද ඇය කාන්තා මීටර් 200 ඉසව්වෙන් රන් පදක්කම ද හිමිකර ගැනීමට සමත් වූයේ මීට පෙර ඉන්දියාවේ ක්‍රීඩිකාව තබා තිබූ වාර්තාව වසර 28 පසු බිඳ දමමිනි. සෆියා රන් පදක්කම ලබාගත්තේ තත්පර 23.58ක කාලයක් වැය කරමිනි.

තුන්වැනි රන් පදක්කම ලෙස කාන්තා මීටර් 100 × 4 ධාවන ඉසව්වේද පදක්කම ද සමගිනි.

සෆියා යාමික්ගේ පියා සහ මව සඳහන් කරන්නේ අනාගතය සාර්ථක කරගෙන ලක් මවට ඔලිම්පික් පදක්කමක් ලබා ගැනීමට සෑම දෙනාගේම උදව් අවශ්‍ය බවයි.

සෆියා යාමික් දිවයිනට පැමිණීමෙන් පසු ගුවන්තොටුපළේදී හැඟීම්බර වූ අතර ඇය මාධ්‍ය ඉදිරියේ කියා සිටියේ මගේ පාසලෙන් මට ලොකු උපකාර සහ සහයෝගයක් ලබා දුන්නා. මේ ගමන එන්න හැකි වුණේ මගේ තාත්තා නිසාය. අම්මයි තාත්තයි තමයි මගේ පස්සෙන් ඉදලා මට උදව් කළේ. තවදුරටත් අදහස් දැක්වූ ෆාතිමා කියා සිටියේ බාධක නම් ගොඩක් තියෙනවා ඒවා මේ වගේ සතුටු වෙලාවක කතා කරන්න මම කැමති නැති බවයි.

Scroll to Top