පැතුම් ලොව හොඳම විස්සයි20 පිතිකරුවන් පස්දෙනා අතරට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නිමා වූ ආසියානු කුසලානය විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දස්කම් හේතුවෙන් ලොව හොඳම පිතිකරුවන් 5 දෙනා අතරට එක් වීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්ව තිබේ.
මේ තරගාවලියේ වාර්තා වූ එකම ශතකයට (ඉන්දියාවට එරෙහිව 107) හිමිකම් කී පැතුම් නිශ්ශංක තරග 6කදී ලකුණු 261ක් රැස් කළේය. මේ දස්කම් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 2ක් ඉදිරියට යෑමට පැතුම් සමත් වූ අතර, ඔහු මේ වන විට 5 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 799ක් ද සමඟිනි. එය ඔහු ශ්‍රේණිගත කිරීම්වල දී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද වෙයි.
ජාත්‍යන්තර විස්සයි20 තරග 74ක් ක්‍රීඩා කර ඇති 27 හැවිරිදි පැතුම් ශතකයක් සහ අර්ධ ශතක 17ක් සමඟ ලකුණු 2211ක් රැස් කර ගෙන සිටින්නේ ඉනිම සාමාන්‍ය 31.58ක් ද, ප්‍රහාරාත්මක වේගය 126.55ක් ලෙස ද සටහන් කරමිනි. කුසල් ජනිත් පෙරේරා ද මේ ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 2ක් ඉදිරියට යමින් ශ්‍රේණිගත ලකුණු 692ක් සමඟ 9 වැනි තැනට පත්ව තිබේ.


