leadsportz

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කා­වන්ට දැවැන්ත ජයක්

සංචා­රක ඔස්ට්‍රේ­ලි­යානු අවු­රුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම සමඟ ඊයේ දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පැවති යොවුන් එක්දින ක්‍රිකට් තර­ග­යෙන් ලකුණු 180ක දැවැන්ත ජයක් හිමි­කර ගැනී­මට ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ ක්‍රීඩි­කාවෝ සමත් වූහ.

මේ සංචා­ර­යට ඇතු­ළත් වූ එකම යොවුන් එක්දින තර­ගය වූ මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩා­යම කඩුලු 7ක් දැවී ලකුණු 266ක් රැස් කළ අතර, පිළි­තුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේ­ලි­යා­වට ඕවර 24.4කදී සිය­ල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 86ක් පමණි.

පන්දු 44කින් ලකුණු 34ක් රැස් කළ ලුසි ෆින් ඔස්ට්‍රේ­ලි­යානු පිළි­තුරු ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භි­නිය වූවාය. නායිකා සමාරා ඩුල්වින් ලකුණු 16ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පන්දු යව­න්නි­යන් හමුවේ සෙසු පිති­කා­රි­නි­යන්ට ලකුණු 10 සීමා­වට පිවි­සී­මට අව­ස්ථා­වක් නොලැ­බිණි.

විශිෂ්ට පන්දු යැවී­මක නිරත වූ ලිමන්සා තිල­ක­රත්න ලකුණු 7කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, ශෂිනි ගිම්හානි ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත්තාය. රශ්මිකා සෙව්වන්දි, චමුදි ප්‍රබෝධා සහ රශ්මි නෙත්‍රාං­ජලී අතරේ කඩුල්ල බැගින් බෙදී ගියහ.

Scroll to Top