leadsportz

තීක්ෂ­ණගේ ලංසුව කෝටි දෙක පනී

මේ මස 9 වැනිදා දකුණු අප්‍රි­කා­වේදී පැවැ­ත්වෙන විස්සයි20 ක්‍රිකට් ලීග් වෙන්දේ­සි­යට ඉදි­රි­පත් වීමට නිය­මිත ක්‍රීඩ­ක­යන් 541ක් අතර නායක චරිත් අස­ලංක ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩ­ක­යන් 24ක් ලියා­ප­දිංචි වී තිබේ.

මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 2.55ක මුද­ල­කට ලංසු තබා ඇති අතර, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස් හා භානුක රාජ­පක්ෂ රුපි­යල් කෝටි 1.7 බැගින්, දිනේෂ් චන්දි­මාල්, බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, ධනං­ජය ද සිල්වා, දුෂාන් හේමන්ත, තරිඳු රත්නා­යක, කසුන් රාජිත, විජ­ය­කාන්ත් විය­ස්කාන්ත්, සොනාල් දිනූෂ, පවන් රත්නා­යක රුපි­යල් ලක්ෂ 85 බැගින්, විශේන් හැළ­ඹගේ, ලිලාන් රංගන, චාමික කරු­ණා­රත්න, චරිත් අස­ලංක, අකිල ධනං­ජය, ට්‍රෙවීන් මැතිව්, නවිඳු ප්‍රභාෂ්, ගරුක සංකේත්, සිනෙත් ජය­ව­ර්ධන හා අදීෂ නෙත්මික රුපි­යල් ලක්ෂ 34 බැගින් ලංසු තබා ඇත.

අව­සන් වරට දකුණු අප්‍රි­කා­වේදී පැවති විස්සයි20 ක්‍රිකට් ලීග් තර­ගා­ව­ලි­යේදී සුපර් කිංග්ස් පිලට මතීෂ පති­රණ හා මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කළ අතර, මුම්බායි ඉන්දි­යන්ස් කේප් ටවුන් පිලට නුවන් තුෂාර එක්ව සිටි­යේය. පාල් රෝයල්ස් පිලට ඒෂාන් මාලිංග හා දුනිත් වෙල්ලා­ලගේ ක්‍රීඩා කළද ඔවුන් මෙවර වෙන්දේ­සි­යට ඉදි­රි­පත් කොට නැත.

මේ අතර, මෙවර දකුණු අප්‍රිකා විස්සයි20 ක්‍රිකට් ලීග් වෙන්දේ­සි­යට ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටි­යෙන් සමු­ගත් හිටපු එංග­ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩ­ර්සන් එක්ව සිටීම විශේ­ෂ­ත්ව­යකි. 43 හැවි­රිදි ඇන්ඩ­ර්සන්, වෙන්දේසි සංචි­තයේ සිටින එංග­ල­න්තයේ ක්‍රීඩ­ක­යන් 97ක් අතර වේ.

Scroll to Top