කමිඳුගේ ‘ග්‍රීන්ස්’ පිල කල් ඇතිවම අවසන් සටනට
ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් විස්සයි20 තරගාවලියේ සිවුවැනි තරගයේදී කමිඳු මෙන්ඩිස් නායකත්වය දැරූ ‘ග්‍රීන්ස්’ පිල, ලකුණු 72කින් දුනිත් වෙල්ලාලගේ නායකත්වය දැරූ ‘බ්ලූස්’ කණ්ඩායම පරාජය කොට ඊයේ ලැබූ ජයත් සමඟ මේ 16 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
මෙතෙක් පැවති තරගවලදී ‘ග්‍රීන්ස්’ පිල සහභාගිවූ තරග 3ම පිට පිට ජයගෙන අපරාජිතව සිටින හෙයින් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථා උදාකර ගැනීම විශේෂත්වයකි.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ‘ග්‍රේස්’ පිල තරගයක් පරාජය වී තරගයකින් ජයගෙන දෙවැනි ස්ථානයේ සිටින අතර, දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන ‘බ්ලූස්’ කණ්ඩායම සහභාගි වූ තරග තුනම පරාජය වී සිටී.


