ජාතික මහා ක්‍රීඩා උළෙලේ වොලිබෝල් පිරිමි ශූරතාවය බස්නාහිරට - කාන්තා ශූරතාවය සබරගමුවට.
49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන වටයේ අවසන් තරගය වන වොලිබෝල් තරගය දින 04 ක් පුරා ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පැවති අතර පිරිමි ශූරතාව බස්නාහිර පළාතත් කාන්තා ශූරතාව සබරගමුව පළාතත් හිමි කර ගත්හ.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය බස්නාහිර පළාතේ අයේෂ් පෙරේරාට හිමි වූ අතර ,දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සබරගමු පළාතේ එස්.ජී.ඩී. එච්.සේනාරත්න සම්මාන හිමිකර ගත්තාය.


