නුවන් තුෂාර අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම අයිසීසී විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව පියවර 3ක් ඉහළට යෑමට ශ්‍රී ලංකා වේග පන්දු යවන නුවන් තුෂාර සමත් තිබේ.
ඒ අනුව තුෂාර 13 වැනි තැනට පත්ව ඇත්තේ සිය ශ්‍රේණිගත දිවියේ හොඳම ශ්‍රේණිගත ලකුණු ලෙස 638ක් ලබා ගනිමිනි.
මෙහි කැපී පෙනෙන වෙනසක් සිදු කරමින් බංග්ලාදේශයේ මුෂ්ටෆිසූර් රහ්මාන් ස්ථාන 17ක් ඉදිරියට යමින් 9 වැනි තැනට පත්ව ඇති අතර, මුල් පන්දු යවන්නන් 8 දෙනා අතර වෙනසක් සිදු නොවීමෙන් වනිඳු හසරංග 6 වැනි තැනම සිටී. කෙසේ වෙතත් 9 වැනි තැන සිටි මහීෂ් තීක්ෂණ ස්ථාන 2ක් පහතට වැටී ඇත. මතීෂ පතිරණ (30) එක් ස්ථානයක් ඉහළ ගොස් ඇති අතර, අසිත ප්‍රනාන්දු 48 වැනි තැනම සිටී.


