ජාතික චෙස් ශූරතාවලිය අද සිට
2025 ජාතික චෙස් ශූරතා තරගාවලිය අද (18) සිට කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයදී ආරම්භ වෙයි.
මෙම තරඟාවලිය ජූලි 21 දක්වා පැවැත්වීමට නියමිතය.තරගාවලිය හරහා ජාතික චෙස් ශූරයා තෝරා පත් කිරීමක් සිදුවෙයි.
මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ, ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ජාතික චෙස් කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමද සිදුකරන නිසාය.මෙවර තරගාවලිය දිවයිනේ සිටින බොහෝ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වීමට බලාපොරොත්තුවන බව ක්‍රීඩා ආරංචි මාර්ග පවසයි.
ඒ නිසා තරගාවලිය තුළ වෙන වසරවලට වඩා දැඩි තරඟයක් බලාපොරොත්තු විය හැකි බව ක්‍රිඩා විස්තර විචාරකයින් ක්‍රීඩා මාධ්‍ය වෙත සඳහන් කර සිටියි.