leadsportz

ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඔස්ට්‍රේ­ලි­යා­වට

තරග සංචා­ර­ය­කට එක්වීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම ඊයේ පස්ව­රුවේ ඔස්ට්‍රේ­ලි­යාව බලා පිටත්ව ගියේය. එර­ටදී ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේ­ලි­යාව ‘ඒ’ කණ්ඩා­යම් අතර තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලි­යක් සහ තරග දෙක­කින් සම­න්විත සිවු­දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තර­ගා­ව­ලි­යක් පැවැ­ත්වී­මට නිය­මි­තය.

එක්දින තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල මෙහෙ­ය­වීමේ වග­කීම ළහිරු උදා­රට පැවරී ඇති අතර, සිවු­දින තර­ගා­ව­ලි­යේදී පසිඳු සූරි­ය­බ­ණ්ඩාර ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යමේ නාය­කයා ලෙස කට­යුතු කරනු ඇත.

දෙපිල අතර එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය මේ මස 4, 6 සහ 9 දින­වල පැවැ­ත්වෙන අතර, සිවු­දින තරග දෙක ජූලි 13 සහ 20 වැනිදා ආරම්භ කිරී­මට නිය­මි­තය.

ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින සංචි­තය – ළහිරු උදාර (නායක), කමිල් මිෂාර, ලසිත් කෲස්පුල්ලේ, පසිඳු සූරි­ය­බ­ණ්ඩාර, නුව­නිඳු ප්‍රනාන්දු, පවන් රත්නා­යක, සහන් ආර­ච්චිගේ, සොනාල් දිනූෂ, චමිඳු වික්‍ර­ම­සිංහ, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේ­සු­න්දර, ප්‍රමෝද් මදු­ෂාන්, මොහො­මඩ් ශිරාස්, දුෂාන් හේමන්ත, වනුජ සහන්.

ශ්‍රී ලංකා ‘ඒ’ සිවු­දින සංචි­තය – පසිඳු සූරි­ය­බ­ණ්ඩාර (නායක), ළහිරු උදාර, කමිල් මිෂාර, රවිඳු රසාන්ත, නුව­නිඳු ප්‍රනාන්දු, පවන් රත්නා­යක, විෂාද් රන්දික, සොහාන් දි ලිවේරා, සොනාල් දිනූෂ, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේ­සු­න්දර, අසංක මනෝජ්, මොහො­මඩ් ශිරාස්, ප්‍රමෝද් මදු­ෂාන්, වනුජ සහන්, නිශාන් පීරිස්.

Scroll to Top