leadsportz

දෙවැනි ටෙස්ට් තරගය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

එම සංචිතයට පැතුම් නිශ්ශංක, ඔසද ප්‍රනාන්දු, ලහිරු උදාර, දිනේශ් චන්දිමාල්, ධනංජය ද සිල්වා – නායක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, පසිදු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, දුනිත් වෙල්ලාලගේ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිදු රත්නායක, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සහ ඉසිත විජේසුන්දර ඇතුළත්වේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය ලබන 25 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Scroll to Top