leadsportz

ගැටු­ම­කින් කෙළ­වර වූ මෙසීගේ කොල්කටා ගමන

ලොව ශ්‍රේෂ්ඨ­තම පාපන්දු තරු­වක් වන ආර්ජ­න්ටි­නාවේ ලය­නල් මෙසී ඉන්දි­යාවේ කොල්කටා සෝල්ට් ලේක් ක්‍රීඩාං­ග­ණ­යට පැමි­ණී­මේදී රසි­ක­යින්ට ඔහු හරි හැටි බලා ගැනී­මට නොහැකි වූවේ යැයි කෝප වී අවුල්සහ­ගත තත්ත්වයක් නිර්මා­ණය විය.

දහස් ගණ­නක් පාපන්දුලෝලීන් ක්‍රීඩාං­ග­ණ­යේදී ලය­නල් මෙසී දැක බලා ගැනී­මට ‍ නොහැකි වූවේ යැයි පව­ස­මින් බැනර් ඉරා දමා, වතුර බෝතල් සහ පුටු විසි­කර, පිටි­යට අලා­භ­හානි කර­මින් කෝපය පළ කළහ. රසි­ක­යන් ඉන්දීය රුපි­යල් 3,800 සිට රුපි­යල් 11,800 දක්වා ටික­ට්පත් සඳහා මුදල් ගෙවා ඇති අතර, බොහෝ දෙනෙක් අලු­යම සිට ක්‍රීඩාං­ග­ණයේ පිටත පෝලිම් ගැසී සිටි­යහ.

පෙරේදා පෙර­වරු 11.30ට පමණ මෙසී ක්‍රීඩාං­ග­ණ­යට පැමිණ පිටිය වටා ඇවිද ගිය නමුත් ආර­ක්ෂක නිල­ධා­රීන් මෙන්ම ප්‍රභූ­ව­රුන් සහ කලා­ක­රු­වන් වටවී ගමන් ගැනී­මෙන් රසි­ක­යන්ට ඔහුව දැක ගැනී­මට නොහැ­කි­වී­මත් සමඟ නොස­න්සුන් වී ඔවුහු කෑ ගැසී­මට පටන් ගත්හ. මේ‍ ක­ල­බ­ලය මැද මෙසී වහාම ක්‍රීඩා පිටි­යෙන් ඉවත්වී ‍ හෝට­ලය බලා ගිය අතර, පසුව ප්‍රධාන සංවි­ධා­ය­කයා අත්අ­ඩං­ගු­වට ගත් බව පොලී­සිය පැව­සීය. සංවි­ධා­ය­කයා විසින් නැවත ප්‍රවේ­ශ­පත්‍ර මුදල් ලබා­දී­මට එකඟ වූ බව ‍ පොලී­සිය සඳ­හන් කළේය.

Scroll to Top